wOHdmk mqj;a


Posted on 2023-11-04


සබරගමුවට නවක විදුහල්පතිවරු 373 ක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණිය සදහා බදවා ගත් නවක විදුහල්පතිවරු 373 සදහා පත්වීම් ලිපි ප්‍රදානය සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (2023/11/04) කලවාන ජාතික පාසල් පරිශ්‍රයේ දී සිදු විය.

සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව සිදු කෙරෙන ආණ්ඩුකාර නිලමෙහෙවර ජංගම සේවයට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වූ අතර මෙහිදී පත්වීම් ලද නවක විදුහල්පතිවරුන් සියලු දෙනාටම සබරගමු පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන වලදී සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර් තුමේන්තුවේ මෙහෙය වීමෙන් මාස දෙකක විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිත වේ.ඉන් පසු සබරගමුව පළාත් සභාව සතු පාසල් වලට එම විදුහල්පතිවරුන් අනුයුක්ත කිරීමට නියමිත වේ.