wOHdmk mqj;a


Posted on 2023-04-10


සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් සීට්ටුව

2023 වර්ෂයට අදාල සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළත් නැකැත් සීට්ටුව චාරිත්‍රානුකුල ව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත පිළිගැන්වීම අද (2023/04/10) පළාත් සභා පරිශ්‍රයේ දී සිදුවිය.

මෙම නැකත් සීට්ටුවෙහි නිවැරදි සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර හා වේලාවන් අඩංගු වන අතර මෙය සම්ප්‍රදානුකූල ව පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයක් වේ. මීට අමතරව අලුත් සහල් මංගල්‍යයට අදාල ව අලුත් සහල් මංජුසාව පිරිනැමීම ද මෙහිදී සිදුවිය. මෙය සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කොට තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා,අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුජානි ආර් විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු එක්ව සිටියේය.