wOHdmk mqj;a


Posted on 2023-06-16


විද්‍යා පීඨ ගුරු පත්වීම් ප්‍රදානය - 2023

සබරගමුව පළාතේ පාසල් සඳහා ජාතික ශික්ෂණ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සහ අධ්‍යාපනවේදී උපාධීධාරීන් 739 ක් වෙත ගුරු පත්වීම් ප්‍රදානය කිරීම අද (2023/06/16) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සබරගමුව පළාත් ආණ්ඩුකාරවර නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ගුරුභවතුන් 425 ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ගුරුභවතුන් 314 ක් ද වෙනුවෙන් මෙලෙස පත්වීම් ලිපි වශයෙන් ප්‍රදානය කෙරිණ.

මේ අවස්ථාව සදහා සබරගමුව පළාත් සභා සභාපති කාංචන ජයරත්න, ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුජානි විජේතුංග ඇතුලු සියලු අමාත්‍යංශ ලේකම්වරු හා නියෝජ්‍ය ලේකම්වරු ,කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරු ,පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසල් සහභාගී විය.