wOHdmk mqj;a


Posted on 2023-10-06


දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් ගුරු සේවයට

ගුරු දිනය වෙනුවෙන් සබරගමුවේ දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් 100 ක් ගුරු සේවයට

ගුරු දිනයට සමගාමීව සබරගමුව පළාතේ රජයේ පාසල්වල දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් ලෙස කටයුතු කල සිය දෙනෙක් (100) වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ ස්ථීර තනතුරු සදහා පත් වීම් ප්‍රදානය අද (2023/10/06) සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

වර්ෂ 2015 දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් 445 දෙනෙකු මෙලෙස ගුරු සහයකයින් ලෙස දෙමළ මාධ්‍ය පාසල් සදහා බදවා ගනු ලැබීය. එලෙස බදවා ගනු ලැබූ ගුරු සහයකයින් ගුරු පුහුණු විද්‍යාල වෙත පුහුණු වීම් සදහා දෙවසරක් යොමු කර ඉන් සමත් වූ පිරිස මෙලෙස ගුරු සේවයේ ස්ථීර තනතුරු සඳහා බදවා ගනු ලැබීය. ගුරු සහයකයින් සදහා මාසිකව රුපියල් දස දහසක දීමනාවක් ලබා දෙනු ලැබීය. මෙදින (06) ගුරු සේවයේ III ශ්‍රේණියට බදවා ගනු ලැබු සියලු දෙනාට ගුරු සේවයට හිමි වැටුප් හා වරප්‍රසාද හිමි වේ. දෙමළ මාධ්‍ය ගුරු සහයකයින් මෙලෙස ගුරුවරුන් ලෙස බදවා ගනු ලැබුවේ සබරගමුව පළාත තුළ දෙමළ මාධ්‍ය උපාධිධාරින්ගේ හා ඩිප්ලෝමාධාරින්ගේ පැවති හිඟය හේතුවෙනි. මීට පිලියමක් ලෙස මීට පෙර උතුරු හා නැගෙනහිර පළාත්වලින් උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් සබරගමුව පළාතේ දෙමළ මාධ්‍ය ගුරුවරුන් ලෙස ද බදවා ගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස්.වීරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් චාමර බමුණුආරච්චි හා අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.