wOHdmk mqj;a


Posted on 2023-10-06


පාසල් දරුවන්ට පරිගණක ඩිප්ලෝමා

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල රජයේ පාසල්වල අධ්‍යාපනය හදාරන දරු දැරියන් සඳහා සබරගමු පළාත් සභාව සහ සබරගමු විශ්ව විද්‍යාලය එක්ව පරිගණක ඩිප්ලෝමා ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවින් දිසානායක මැතිතුමා අද (2023/10/06) ප්‍රකාශ කළේය .ඒ එම පාඨමාලාව පිළිබඳ ප්‍රගති සමාලෝචන අවස්ථාවට එක්වෙමිනි.

මේ යටතේ සබරගමු පළාත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 28ම ආවරණය වන පරිදි පාඨමාලා ආරම්භ කිරීමට නියමිත අතර PHP, MYSQL, Python & Frameworks, Java, Java Script යන පාඨමාලා මේ යටතේ හැදෑරිය හැක. මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර හා සබරගමු විශ්වවිද්‍යාලය වෙනුවෙන් උපකුලපති මහාචාර්‍ය උදය රත්නායක,පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති මහාචාර්‍ය එච් එම් එස් ප්‍රියනාත් ,තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති මහාචාර්‍ය එස් වසන්තප්‍රියන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.