සබරගමුව පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවය පසුගියදා (2024/12/19) රත්නපුර පිහිටි මධ්‍ය පුස්තකාල ශ්‍රවණාගාරයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ කලාව සඳහා අනුපමේය සේවයක් ඉටු කළ කලාකරුවන් විසිනව දෙනෙකු (29) වෙත ලලිත කලාපති සම්මාන හා උපහාර පිරිනැමීම සිදු විය.
මීට අමතරව නර්තන, රංගන, ජන ගී, නැලවිලි ගී, හටන් ගී, වන්නම්, නෙළුම් ගී, නාට්‍ය ගී, වාදන යන ක්ෂේත්‍ර සඳහා ද සම්මාන ප්‍රදානය කෙරිණි. එමෙන්ම පොත් පිටකවර, ආලේපන චිත්‍ර, සාම්ප්‍රදායික නව නිර්මාණ, ප්‍රකාශන චිත්‍ර සඳහා ඉදිරිපත් වූ පාසල් සිසු සිසුවියන් ද මෙහිදී ඇගයුමට ලක් විය.
පාසල් සිසුන් අතර පැවති සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වූ ගද්‍ය, පද්‍ය, නිසදැස්, කෙටිකතා, සෞන්දර්ය හා සාහිත්‍ය පිළිබඳ ශාස්ත්‍රීය ලිපි යන ක්ෂේත්‍රවලින් ඉදිරිපත් වූ ජයග්‍රහයකයින්ට සම්මාන පිරිනැමීම ද සිදු විය.
එමෙන්ම සබරගමු පළාත් රාජ්‍ය සේවක සේවිකාවන් අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවති කෙටිකතා, නිසදැස්, ගද්‍ය, පද්‍ය, ගීත නිර්මාණ ද මෙහිදී ඇගයුමට ලක් විය.
විවෘත අංශයෙන් ඉදිරිපත් වූ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙටිකතා, ගීත, නිසදැස්, පද්‍ය ගීත සඳහා ද සම්මානයට පාත්‍ර විය. මෙම අවස්ථාවට පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් සුජීවා බෝධිමාන්න, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, සැලසුම් අධ්‍යක්ෂක නෙවිල් කුමාරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.