ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ - චිත්‍රපට උළෙලක්
ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඉන්දීය චිත්‍රපට උළෙලවල් දෙකක් පැවැත්විණි.
කෑගල්ල නගර ශාලාවේ දී පසුගිය 2026/02/05 ද, රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පසුගිය 2026/02/06 ද මෙම චිත්‍රපට ප්‍රදර්ශන පවත්වනු ලැබීය.
දර්ශනවාර දෙක බැගින් පැවැත්වූ මෙම චිත්‍රපට උළෙලේදී උදෑසන දර්ශනය පාසල් ළමුන් සඳහා ද පස්වරු දර්ශනය වැඩිහිටි ප්‍රජාව සඳහා ද වෙන් කර තිබිණි.
Good Bye හින්දි චිත්‍රපටය ළමුන් සඳහාද Suraj Pe Mangal Bhari හින්දි චිත්‍රපටය වැඩිහිටි ප්‍රජාව සඳහාද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ඓතිහාසික මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් වාර්ෂිකව සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙම උළෙල පැවැත්වේ.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස් සරන්‍යා මහත්මියගේ ඍජු මැදිහත්වීම මත මෙම චිත්‍රපට උළෙල පැවැත්වේ.
සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍යාංශය සහ මහනුවර පිහිටි ශ්‍රී ලංකා ඉන්දීය සහකාර කොමසාරිස් කාර්යාලය එක්ව මෙම චිත්‍රපට උළෙල සංවිධානය කර තිබිණි.
සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණු ආරච්චි, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලක්මාලි උදය කුමාරි, ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර මහා කොමසාරිස් කාර්යාලයේ පරිපාලන නිලධාරී මහේන්ද්‍ර කුමාර්, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක නෙවිල් කුමාරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.