1. Home
  2. News

mqj;a

Posted On: 2026-02-12

රත්නපුර පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ශිල්ප මන්දිරය සිසු අයිතියට

News Image

රත්නපුර පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ශිල්ප මන්දිරය සිසු අයිතියට

රත්නපුර පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ශිල්ප මන්දිරය සිසු අයිතියට පත් කිරීම (2026/02/12) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

රුපියල් මිලියන 38 ක වියදමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල සබරගමු පළාත් සභා අරමුදල් මගින් ඉදි කර ඇත.

මෙම නව ගොඩනැගිල්ල ප්‍රධාන ශාලාවකින්, චිත්‍රාගාරයකින්, ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයකින් සහ පංති කාමර ආදියෙන් සමන්විත වේ.

මෙම ව්‍යාපෘතියට සමගාමීව රුපියල් මිලියන 06 ක වියදමින් ආරක්ෂිත පැති බැම්මක් ද විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදි කර ඇත.

මෙහිදී අදහස් දැක්වමින් සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ විද්‍යාලයේ උසස් පෙළ පංති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින යටිතල සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බවත්ය.

රත්නපුර පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ පළමු වසර සිට එකොළහ වසර දක්වා පංති පැවැත්වෙන අතර සිසු සිසුවියන් දෙදහසක් පමණ අධ්‍යාපනය හදාරනු ලබයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රාජපක්ෂ, වරුණ ලියනගේ, සැලසුම් අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ, ප්‍රවීණ සාහිත්‍ය විචාරක ආනන්ද කොඩිතුවක්කු, මහින්ද විද්‍යාලයේ විදුහල්පති නිහාල් ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.