1. Home
  2. News

mqj;a

Posted On: 2025-01-23

සබරගමු පළාත් තෛපොංගල් උත්සවය

News Image

සබරගමු පළාත් තෛපොංගල් උත්සවය

 

සබරගමු පළාත් තෛපොංගල් උත්සවය පසුගිය දා (2025/01/23) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ශාන්ත ජෝකිම් දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.
මේ සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ද එක්ව සිටියහ.
පාසල් දරු දැරියන්ගේ විවිධ විචිත්‍රාංග සහ සංස්කෘතිකාංග වලින් මෙම සැමරුම් උළෙළ විචිත්‍ර විය.


මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය මෙසේ පැවසීය. කෘෂිකර්මාන්තය වෙත ජීවය ලබා දෙන හිරු වෙනුවෙන් කෘතගුණ සලකන්න තෛපොංගල් උත්සවය පවත්වනවා. එමෙන්ම රටේ ජීවය ගොඩනගන්නට වෙර දරන Clean Sri Lanka වැඩසටහන ද කෘතගුණ සැලකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක්.


අපි ශ්‍රී ලාංකිකයන් ලෙස යහපත් දේ වෙනුවෙන් කෘතගුණ සලකන ජාතියක්. ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික දියුණුවක් තෛපොංගල් තුළින් හින්දු ප්‍රජාව වෙත උරුම කර දෙනවා. තෛපොංගල් උළෙල සමරන්න වතුපිටි, ගෙවල් දොරවල් පවිත්‍ර කරනවා. Clean Sri Lanka වැඩසටහන තුළින් ද අපේක්ෂා කරන්නේ රටට අනවශ්‍ය නොගැළපෙන දේ ඉවත් කර මානව සංහතියේ උන්නතිය වෙනුවෙන් අළුත් දේ නිර්මාණය කිරීමයි.
දෙවන දිනයේ දී හින්දු සමාජ එකතු වී පොංගල් බත් උයමින්, කෝලම් අඳිමින් විචිත්‍රවත් ලෙස දෛනික කටයුතු සිදු කරනවා. Clean Sri Lanka වැඩසටහන සමාජීය හා සාරධර්ම යහපත් ලෙස පුහුණු කරමින් රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කටයුතු කරන වැඩසටහනක්. අද දිනයේ පරිසරයට හානි නොකර, පරිසර හිතකාමී ලෙස විචිත්‍රවත් කර තිබෙනවා.


මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ප්‍රකාශ කර සිටියේ වතු පාසල්වල ගුරු හිඟය කඩිනමින් අවසන් කරන බවයි.