1. Home
  2. News

mqj;a

Posted On: 2024-12-23

ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා උපාධිධාරීන් එකසිය පනස් හතරක්

News Image

ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා උපාධිධාරීන් එකසිය පනස් හතරක්

 

ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා උපාධිධාරීන් එකසිය පනස් හතරක් (154) බඳවා ගැනීමට අදාළව පත්වීම් ලිපි ප්‍රදානය අද (2024.12.23) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරායේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය අතින් සිදු විය.

මෙම වර්ෂයේ (2024.04.07 දින) සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වන ලද තරඟ විභාගයේ සහ ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම බඳවා ගැනීම් සිදු කරනු ලැබීය. ඒ අනුව මේ යට⁣තේ අදියර තුනක් තුළ බඳවා ගත් උපාධිධාරීන් ගණන එක්දහස් එකසිය දහ හතරක් (1114) කි.

මීට අමතරව අධ්‍යාපනවේදී සහ HND ( උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීන් ) එකසිය පනස් පහක් (155) මෙම වර්ෂයේ දී සබරගමුව පළාත් ගුරු සේවයට බඳවා ගන්නා ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම්, රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, හිටපු පළාත්සභා මන්ත්‍රී පුෂ්පකුමාර දිසානායක, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන ලේකම් බී.ඒ.සී.බී.බමුණුආරච්චි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනී ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.