2025 සිට ජාත්‍යන්තරය නියෝජනය කරන සබරගමුවේ තරඟකරුවන් සදහා අවශ්‍ය මූල්‍ය හා වෙනත් පහසුකම් පළාත් සභාව මැදිහත් වී සම්ප්‍රාදනය කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පසුගිය දා (2024/11/07) සදහන් කළාය.
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය මේ බව සදහන් කළේ එදින ( 07 ) ඇහැලියගොඩ ජාතික පාසලේ පැවති ජාතික ශිෂ්‍ය තත්වකව සම්මේලනයේ (5 NCSSQC – 5th National Convention On School Student Quality Circle) සමාප්ති අවස්ථාවට එක් වෙමිණි.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසුවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟවලට සහභාගි වන සබරගමුවේ දරු දැරියන් දිරිගැන්වීමට තමා කටයුතු කරන බවය.
ඒ සදහා අවශ්‍ය මූල්‍ය සහ සෙසු පහසුකම් ඉදිරි වසරේ සිට ලබා දීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරන බවද එම මහත්මිය පැවසුවාය. මෙවන් විෂය බාහිර ක්‍රියාකාරකම්, හුදකලා වූ දරු දැරියන් සඳහා විශාල මානසික සහනයක් ලැබෙන බවද එම මහත්මිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රත්නායක මහත්මිය පැවසූයේ ශ්‍රී ලාංකීය සමාජයේ පැවති විස්තෘත පවුල වෙනුවට න්‍යෂ්ටික පවුල් ඒකකය ගොඩනැගීම තුළින් විවිධ සමාජ ගැටළු පැන නැගී ඇති බවය. න්‍යෂ්ටික පවුල තුළ හුදකලා වූ දරු දැරියන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනයට බැහැරව බාහිර ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇතැයි ද එම මහත්මිය පැවසීය.
මෙහිදී ජයග්‍රහණය කළ ශිෂ්‍යයන් සහ ගුරුභවතුන් සදහා සම්මාන සහ සහතිකපත්‍ර ප්‍රදානයද, විදේශීය නියෝජිතයන් වෙත සමරු තිළිණ ප්‍රදානයද සිදුවිය.
මෙහිදී ඉන්දියාවේ GEMS අධ්‍යාපන ආයතනයේ ප්‍රධානි ආචාර්ය Dheeraj Mehrotra, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් සහ සබරගමුව පාසල් ශිෂ්‍ය තත්වකව සංවිධානයේ (SSQCAS ) අධ්‍යක්ෂක ජනරාල් මහින්ද එස් වීරසූරිය,පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් බී.ඒ.සී.පී.බමුණුආරච්චි යන මහත්වරුන්ද අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට බංගලිදේශයේ මහජන විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂක මහාචාර්ය Kazi Sharif Uddin, බංගලාදේශයේ EBAC විද්‍යාලයේ විදුහල්පති M.D. Hachnain, Ritu Rajinish යන විදේශීය නියෝජිතයින් ද, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩබ්.පී.සමන්තිලක, සැලසුම් අධ්‍යක්ෂක නෙවිල් කුමාරගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දර්ශනී ඉද්දමල්ගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.