ඉන්දියානු සිනමා උළෙල - සබරගමුව පළාත
සබරගමුව පළාත තුළ ප්‍රථම වරට සංවිධානය කළ ඉන්දියානු සිනමා උළල 2025/01/ 28 දින රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
“රිදී තිරයෙන් ජිවිතය දකිමු” තේමාව කොට ගත් මෙම ඉන්දියානු සිනමා උළලේදී August 16, 1947 (Tamil), English Vinglish (Hindi) Amma Kanakku (Tamil), GoodBye (Hindi) යන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව 28 දින රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පෙ.ව. 9.00 ට පාසල් දර්ශනය ද , ප.ව. 1.30 ට වැඩිහිටි දර්ශනය ද පැවැත්වුණි. 29 දින කෑගල්ලේදී පෙ.ව. 9.00 ට පාසල් දර්ශනය ද, ප.ව. 1.30 ට වැඩිහිටි දර්ශනය ද ප්‍රදර්ශනය කෙරුණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික හුවමාරුව සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සහ මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් Saranya V.S. සංකල්පයකට අනුව මෙම සිනමා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.
ඉන්දියානු රජය පොදුවේ ශ්‍රී ලංකාවටත් විශේෂයෙන් සබරගමුව පළාතේ සමාජීය, අධ්‍යාපනික, සංස්කෘතික අංශ කෙරෙහි දක්වන දායකත්වයටත් සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සිය කෘතවේදිත්වය ඉන්දියානු රජයට මෙහිදී පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනිතා, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක මහේන්ද්‍ර කුමාර්, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් බී.ඒ.සී.පී.බමුණුආරච්චි, ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක නෙවිල් කුමාරගේ,නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලිදු රත්නායක යන මහත්ම මහත්මින් ඇතුව පිරිසක් එක්ව සිටියහ.