1. Home
  2. Notifications

ksfõok

Posted On: 2025-12-12

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (පළාත් පාසල්) යටතේ කර්මාන්ත 05 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ

sab

 

 

 

                    

ප්‍රසම්පාදන දැන්වීමයි

අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

සබරගමුව පළාත් සභාව

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ

ප්‍රසම්පාදන කමිටු සභාපති විසින්  අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ  ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (පළාත් පාසල්)  යටතේ කර්මාන්ත 05  ක්  ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.

 

01.මෙම කර්මාන්ත ලේඛනය හා වැඩි විස්තර www.sg.gov.lk වෙබ් අඩවියතුල ඇති ටෙන්ඩර් දැන්වීම් වෙබ් පිටුව වෙත පිවිස හෝ www.moe.sg.gov.lk  යන අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් පිටුවට පිවිස ලබාගත හැකිය.

 

02. ඉහත වැඩසටහන් සදහා  ලංසු කැදවීම, ජාතික තරගකාරී ලංසු කැදවීම අනුව සිදුකරනු ලැබේ. ඒ ඒ කර්මාන්තය යටතේ ඉදිරිපත්වන ලංසුකරුවන් එහි සදහන්  CIDA  ලියාපදිංචි ශ්‍රේණිවලට අයත්වන ලංසු විවෘතකරන දිනට ලියාපදිංචිය වලංගුවන   ලංසු කරුවන් විය යුතුය.

 

     03. ඉහත කර්මාන්තයන්ට අදාළ ප්‍රසම්පාදන ලේඛන  2025.12.15 දින සිට 2025.12.29 දින දක්වා, සතියේ වැඩ කරන දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අදාල ගාස්තු ගෙවීමෙන් පසු නිකුත්කරනු ලැබේ.මෙම ප්‍රසම්පාදන ලේඛන මෙම දිනවලදී කාර්යාල වේලාවන්තුල මෙම අමාත්‍යාංශයේදී නොමිලේ පරික්ෂාකර බැලිය හැකිය.

04. සියලුම ලංසුකරුවන් එක් එක් ඉදිකිරීම්  සදහා එම කර්මාන්ත ඉදිරියෙන්  සදහන් ලංසු සුරක්ෂණ වටිනාකමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි,පිළිගත් වාණිජ බැංකුවකින් 2025.12.30 දින සිට 2026.04.30  දින දක්වා වලංගුවන පරිදි ලේකම්,අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.සබරගමුව පළාත් සභාව. නව නගරය,රත්නපුර නමින් අදාල කර්මාන්තය නමට ලබාගත් ලංසු සුරක්ෂණයක් හෝ  ලංසු සුරක්ෂණ මුදල ලෙස අමාත්‍යාංශ ලේකම් වෙත අදාළ මුදල් තැන්පත් කර ලබා ගත් රිසිට් පත , ලංසුව සමග ලංසු සුරක්ෂණය  ලෙස ඉදිරිපත් කළ යුතුය. ලංසු සුරක්ෂණය ඉදිරිපත් කිරීමේ දී මුදල් ගෙවා ලබාගන්නා රිසිට් පතෙහි හෝ ලංසු සුරක්ෂණයෙහි මුල් පිටපත අනිවාරයෙන්ම ඉදිරිපත්කළ යුතුය.   

සම්පූර්ණ කරන ලද එම කර්මාන්තයන්ට අදාල ලංසු   2025.12.30 වන දින පෙ.ව.11.00 ට පෙර ලැබෙන සේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ සබරගමුව පළාත් සභා සංකීර්ණයේ පළමු මහළේ පිහිටි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික  කටයුතු අමාත්‍යාංශයේ  තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. මිල ගණන් බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ කර්මාන්තයේ නම සඳහන් කළ යුතුය. සෑම ටෙන්ඩරයක් සඳහාම මුල් පිටපත/අනුපිටපත යන්න කවරයේ සඳහන් කර වෙනම කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.

05.ලංසු පත් විවෘත කිරීම 2025.12.30   වන දින පෙ.ව.11.00  සිදුකරනු ලබන අතර, ලංසු කරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.

 

06. මෙම ලංසු කැඳවීම සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුලදි අවශ්‍ය විස්තර අමාත්‍යාංශ කාර්යාලයෙන් දුරකතන අංක  045 -2222542, ෆැක්ස් 045-2228042   සහ ඊමේල් edusabaram@gmail.com මගින් ලබා ගත හැකිය. ටෙන්ඩර් පත් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ භාර ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති සතු වේ.

 

 

 

 

 

අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ  ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය

(පළාත් පාසල්)  යටතේ කර්මාන්ත 05  ක්  ඉටුකිරීම

 

 

අනු අංකය

වැඩ විස්තරය

විධායක ඉංජිනේරු කාර්යාලය

ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු  රු.

ලංසු සුරක්ෂණ වටිනාකම රු.

ඉල්ලුම් කල හැකි ලියාපදිංචි ශ්‍රේණි

ඇස්තමේන්තුගත වැඩ වටිනාකම රු.මි.

EDM-Primary  -01

කෑ/දෙහි/අංහෙට්ටිගම මහා විද්‍යාලයේ ගේබියන් බැම්ම ඉදිකිරීම,ගොඩනැගිළි අළුත්වැඩියාකිරීම හා ගැහැණු පිරිමි වැසිකිළි පද්ධතිය ඉදිකිරීම

දෙහිවිට

7,500.00

170,000.00

C-7 සහ ඉහල

17.05

EDM-Primary  -02

කෑ/දෙහි/අටුළුගම ප්‍රාථමික විද්‍යාලයේ 90*20  ගොඩනැගිල්ල  වහල හා  විදුලි පද්ධතිය අළුත්වැඩියාකිරීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණුකිරීම

දෙහිවිට

2,000.00

37,000.00

C-9 සහ ඉහල

3.65

EDM-Primary  -03

කෑ/දෙහි/වහරක ප්‍රාථමික විද්‍යාලයේ 40*25 (12.60*6.45) ගොඩනැගිල්ල  අළුත්වැඩියාකිරීම හා නව වැසිකිළියක් ඉදිකිරීම සහ පැතිබැම්ම ඉදිකිරීම

දෙහිවිට

2,500.00

79,000.00

C-8 සහ ඉහල

7.86

EDM-Primary  -04

කෑ/දෙහි/කිතුල්ගල විද්‍යාදීප ප්‍රාථමික  විද්‍යාලයේ 80*20 පාසල් ගොඩනැගිල්ල වැඩිදියුණුකිරීම

දෙහිවිට

2,500.00

96,000.00

C-8 සහ ඉහල

9.59

EDM-Primary  -05

කෑ/දෙහි/තුංබාගේ ප්‍රාථමික විද්‍යාලයේ 37.0 * 6.5  ගොඩනැගිල්ල අළුත්වැඩියාකිරීම හා වැසිකිළි පද්ධතිය වැඩිදියුණුකිරීම

කෑගල්ල

2,500.00

73,000.00

C-8 සහ ඉහල

7.30

 

 

07. සියළුම ලංසු 2026.04.02 දින දක්වා වලංගු විය යුතුය.

 

08.මෙම සියළු කර්මාන්තයන්ට අදාල පූර්ව ලංසු සාකච්ඡාව 2025.12.17  දින පෙ.ව.10.30 ට සබරගමුව පළාත් සභා සංකීර්ණයේ පළමු මහළේ පිහිටි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික  කටයුතු අමාත්‍යාංශයේදී පවත්වනු ලැබේ. ලංසු කරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.පූර්ව ලංසු සාකච්ඡා තීරණ ඉහත වෙබ් අඩවි දෙක මගින් පමණක් ප්‍රසිද්ධ කරණු ලැබේ.

 

 

බී.ඒ.සී.පී.බමුණුආරච්චි

සභාපති

ප්‍රසම්පාදන කමිටුව,

ලේකම්

අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,

සබරගමුව පළාත් සභාව,

නව නගරය, රත්නපුර

2025.12.12

පුවත්පත් දැන්වීම

බාගත කිරීම්

kj;u wud;HdxY ksfõok