පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, සබරගමුව පළාත,
සබරගමුව පළාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්,
සබරගමුව පළාත් පාසල්වල සියලුම විදුහල්පතිවරුන්,
සබරගමුව පළාත් පාසල්වල සියලුම ගුරුභවතුන්,
උදා වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති අධ්‍යාපන කලාපවලට අයත් පාසල් වල වාර්ෂික පළාත් ගුරු ස්ථාන මාරු අයදුම් කර ඇති සියලූම ගුරුභවතුන් වෙත,
මගේ සමාංක හා 2025.11.24 දිනැති ලිපියෙන් වාර්ෂික ගුරු ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් කිසියම් ගුරුභවතෙකු අභියාචනා කිරීමට අපේක්ෂා කරන්නේ නම් අභියාචනා ආකෘති පත්‍රය ප්‍රකාරව ඔබගේ අභියාචනයේ සඳහන් කරුණු තහවුරු කෙරෙන සියලු ලිපි ලේඛන ද සමග 2025.12.08 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් අභියාචනා එවන ලෙස දන්වා ඇත.
02. තවද එකී අභියාචනා ආකෘති පත්‍රයෙහි අංක 13 මගින් විදුහල්පතිගේ නිර්දේශය ඉල්ලා ඇත. එහෙත් පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ගුරුභවතුන් සඳහා පමණක් මෙම අවස්ථාවේදී විදුහල්පතිගේ නිර්දේශය අනිවාර්යය නොවන බව කාරුණිකව දන්වා සිටිමි.
බී.ඒ.සී.පී.බමුණුආරච්චි
ලේකම්,
අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව.
.
ලිපිය