අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැදවීම - 2026
දැනට පුරප්පාඩු වී ඇති ර/නිවි/කරංගොඩ මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සුදුසුකම්ලත් සබරගමුව පළාතේ දැනට සේවයේ නියුතු, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.
02. අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර (අදාළ අයදුම්පත්‍රය www.moe.sg.gov.lk වෙබ් අඩවියෙන් බාගත හැකිය.) දැනට සේවය කරන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය සහිතව 2026.09.30 දිනට පෙර ලේකම්, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
03. අයදුම්පත්‍ර ලැබීමෙන් පසුව පැවැත්වෙන විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව සුදුසු අය තෝරා පත් කර ගැනීමට කටයුතු කරනු ලැබේ.
ඩී.ඩබ්ලිව්.එස්.රාජපක්ෂ, 2026.09.09
ලේකම්,
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව.
නිවේදනය
අයදුම්පත්‍රය
2023 ලකුණු පටිපාටිය