සබරගමුව පළාත් සභා පාසල්වල ගුරුභවතුන්ගේ වාර්ෂික පළාත් ගුරු ස්ථාන මාරු මණ්ඩල නියෝග දැනුම් දීම - 2025/26 වර්ෂය
සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල සේවය කරනු ලබන ගුරුභවතුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයඳුම්පත් කැඳවීම මගේ සමාංක හා 2025.07.01 දිනැති නිවේදනයෙන් සිප්තතු දත්ත පද්ධතිය හරහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කරන ලදී. එම අයඳුම්පත් සම්බන්ධයෙන් සළකා බැලීමෙන් පසු පළාත් ගුරු ස්ථාන මාරු මණ්ඩලයේ නිර්දේශ සළකා බලා, 2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් වෙත ලබා දී ඇති ස්ථාන මාරු නියෝග www.semis.lk යන වෙබ් අඩවිය වෙත මුදාහැර ඇති බව කාරුණිකව දන්වමි.
02. මෙම ස්ථාන මාරු සබරගමුව පළාතේ ගුරු සේවයේ ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව ගුරුභවතුන්ගේ ඉල්ලීම් හා සේවා අවශ්‍යතා සළකා බලා තීරණය කර ඇත. ඒ අනුව ඔබ පාසලේ සේවය කරනු ලබන ස්ථාන මාරුලාභී ගුරුභවතුන්ගේ අනුප්‍රාප්තිකයන් සේවයට වාර්තා කරන තෙක් රඳවා නොගෙන 2026.01.01 දිනට තම නව සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි වර්තමාන සේවා ස්ථානයෙන් මුදා හැරීමට කටයුතු කරන ලෙසත්, නියමිත දිනට සේවයෙන් නිදහස් නොකිරීමෙන් ඇතිවන ගැටව සම්බන්ධයෙන් එම ආයතන ප්‍රධානීන් වගකීමට බැඳෙන බවත් වැඩිදුරටත් දන්වා සිටිමි. එබැවින් මෙම ස්ථාන මාරු වඩාත් ඵලදායී හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඔබගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමි.
03. තවද ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් ස්ථාන මාරු වී යාමට ප්‍රථම අදාළ නිලධාරියා භාරයේ ඇති රජයට අයත් දේපළ , ලිපි ලේඛන හා මිල මුදල් හෝ වෙනයම් දෙයක් වේ නම් ඒවා නම් කරනු ලබන අයෙකුට විධිමත් පරිදි භාර දීමට කටයුතු සැළැස්විය යුතුය.
04. මෙම ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් කිසියම් ගුරුභවතෙකු අභියාචනා කිරීමට අපේක්ෂා කරන්නේ නම්, මේ සමග යොමු කර ඇති අභියාචනා ආකෘති පත්‍රය ප්‍රකාරව පමණක් අභියාචනා යොමු කළ යුතු අතර, ඔබගේ අභියාචනයේ සඳහන් කරුණු තහවුරු කෙරෙන සියලු ලිපි ලේඛන ද ඒ සමග අමුණා එවීමට කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.
05. ඒ අනුව 2025.12.08 දිනට ප්‍රථම ‘’ ලේකම්,අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, නව නගරය ,රත්නපුර ‘’ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර , අභියාචනය බහා එවන ලිපි කවරයේ වම් පස කෙළවරේ ‘’ගුරු ස්ථාන මාරු අභියාචනා - 2025/26 ’’ ලෙස අනිවාර්යයෙන් සඳහන් කළ යුතුය .
06. 2025.12.08 දිනෙන් පසුව ලැබෙන අභියාචනා සළකා නොබලන බව ද කාරුණිකව දන්වා සිටිමි.
බී.ඒ.සී.පී.බමුණුආරච්චි
ලේකම්
අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව.
ලිපිය