1. Home
  2. Notifications

ksfõok

Posted On: 2025-07-01

වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් සදහා අයදුම්පත් කැදවීම - 2025/2026

 

 

වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම - 2025/26

 

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ 2025/26 වර්ෂයට අදාළව වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් (අධ්‍යාපන කලාප තුළ /අන්තර් කලාප/අන්තර් පළාත් ) සඳහා අයදුම්පත්‍ කැඳවනු ලැබේ.

 

02. මේ යටතේ සබරගමුව පළාත් සභාවට අයත් පාසල්වල 2025.12.31 දිනට සේවා කාලය වසර 05 ක් සම්පූර්ණ කළ සෑම ගුරුභවතෙකුම ස්ථාන මාරු අයදුම්කල යුතු අතර, එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළහොත් සබරගමුව පළාතේ ඕනෑම ස්ථානයකට ස්ථාන මාරු ලැබීමට කැමති සේ සලකා ක්‍රියා කිරීමට සිදුවනු ඇත. එසේ නමුත් සේවා කාලය වසර 03 ක් සම්පූර්ණ කරන ලද අති දුෂ්කර පාසල්වල හා වසර 04 ක සේවා කාලයක් සම්පූර්ණ කළ දුෂ්කර පාසල්වල ගුරුවරුන්ටද ස්ථාන මාරු අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

 

03. වර්තමාන පාසලේ සේවා කාලය වසර 05 කට වඩා වැඩි අන්තර් කලාප හෝ අන්තර් පළාත් ස්ථාන  මාරුවීම සඳහා අයදුම් කරන ගුරුභවතුන් එම ස්ථාන මාරු නිර්දේශ ක්‍රියාත්මක වන තෙක් අධ්‍යාපන කලාපය තුළ ස්ථාන මාරු සඳහා යටත් වේ. එම ගුරුභවතුන් විසින් අධ්‍යාපන කලාපය තුළ ස්ථාන මාරුවීමට කැමති පාසල් සිය ස්ථාන මාරු අයදුම්පතෙහි සඳහන් කළ යුතුය.

 

04.  අධ්‍යාපන කලාප තුළ සහ අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම් 2026.01.01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

 

05. එසේම මෙවර වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම සිප්තතු දත්ත පද්ධතිය හරහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් සිදුකරනු ලබන බැවින් ස්ථාන මාරු අපේක්ෂා කරන සෑම ගුරුභවතෙකුම ඒ සම්බන්ධයෙන් පහත ලබාදී ඇති උපදෙස්වලට අනුකූලවම පමණක් අයදුම්කල යුතුය. මාර්ගගත ක්‍රමය (Online) යටතේ සකස් කර ඇති අයදුම්පත්‍රය හැර වෙනත් කිසිදු ගුරු ස්ථානමාරු අයදුම්පත්‍ ආකෘතියක් අයදුම් කිරීම සඳහා භාවිතා නොකල යුතු අතර, වෙනත් මුද්‍රිත ස්ථානමාරු අයදුම්පත්‍රයක් භාවිතා කළහොත් එම අයදුම්පත්‍රය ඉදිරි කටයුතු සඳහා භාවිතයට නොගන්නා බවද සැලකිය යුතුය.

 

    බී.ඒ.සී.පී.බමුණුආරච්චි,

    ලේකම්,

    අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,

    සබරගමුව පළාත.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

 

 

සම්පූර්ණ නිවේදනය පහතින් බාගත කර ගන්න.

Full Announcement

බාගත කිරීම්

kj;u wud;HdxY ksfõok