ප්‍රසම්පාදන දැන්වීමයි
අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 28 ක් , පාසල් ගොඩනැගිළි නඩත්තු වැඩසටහන ( RECURRENT ) යටතේ
කර්මාන්ත 06 ක් සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය (පළාත් පාසල්) යටතේ කර්මාන්ත 01 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ.
01.මෙම කර්මාන්ත ලේඛනය හා වැඩි විස්තර www.sg.gov.lk වෙබ් අඩවියතුල ඇති ටෙන්ඩර් දැන්වීම් වෙබ් පිටුව වෙත පිවිස හෝ www.moe.sg.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් පිටුවට පිවිස ලබාගත හැකිය.
02. ඉහත වැඩසටහන් සදහා ලංසු කැදවීම, ජාතික තරගකාරී ලංසු කැදවීම අනුව සිදුකරනු ලැබේ. ඒ ඒ කර්මාන්තය යටතේ ඉදිරිපත්වන ලංසුකරුවන් එහි සදහන් CIDA ලියාපදිංචි ශ්‍රේණිවලට අයත්වන ලංසු විවෘතකරන දිනට ලියාපදිංචිය වලංගුවන ලංසු කරුවන් විය යුතුය.
03. ඉහත කර්මාන්තයන්ට අදාළ ප්‍රසම්පාදන ලේඛන 2026.02.06 දින සිට 2026.02.19 දින දක්වා, සතියේ වැඩ කරන දින වල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අදාල ගාස්තු ගෙවීමෙන් පසු නිකුත්කරනු ලැබේ.මෙම ප්‍රසම්පාදන ලේඛන මෙම දිනවලදී කාර්යාල වේලාවන්තුල මෙම අමාත්‍යාංශයේදී නොමිලේ පරික්ෂාකර බැලිය හැකිය.
04. සියලුම ලංසුකරුවන් එක් එක් ඉදිකිරීම් සදහා එම කර්මාන්ත ඉදිරියෙන් සදහන් ලංසු සුරක්ෂණ වටිනාකමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි,පිළිගත් වාණිජ බැංකුවකින් 2026.02.20 දින සිට 2026.06.20 දින දක්වා වලංගුවන පරිදි ලේකම්,අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.සබරගමුව පළාත් සභාව. නව නගරය,රත්නපුර නමින් අදාල කර්මාන්තය නමට ලබාගත් ලංසු සුරක්ෂණයක් හෝ ලංසු සුරක්ෂණ මුදල ලෙස අමාත්‍යාංශ ලේකම් වෙත අදාළ මුදල් තැන්පත් කර ලබා ගත් රිසිට් පත , ලංසුව සමග ලංසු සුරක්ෂණය ලෙස ඉදිරිපත් කළ යුතුය. ලංසු සුරක්ෂණය ඉදිරිපත් කිරීමේ දී මුදල් ගෙවා ලබාගන්නා රිසිට් පතෙහි හෝ ලංසු සුරක්ෂණයෙහි මුල් පිටපත අනිවාරයෙන්ම ඉදිරිපත්කළ යුතුය.
සම්පූර්ණ කරන ලද එම කර්මාන්තයන්ට අදාල ලංසු 2026.02.20 වන දින පෙ.ව.11.00 ට පෙර ලැබෙන සේ පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ සබරගමුව පළාත් සභා සංකීර්ණයේ පළමු මහළේ පිහිටි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. මිල ගණන් බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ කර්මාන්තයේ නම සඳහන් කළ යුතුය. සෑම ටෙන්ඩරයක් සඳහාම මුල් පිටපත/අනුපිටපත යන්න කවරයේ සඳහන් කර වෙනම කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.
05.ලංසු පත් විවෘත කිරීම 2026.02.20 වන දින පෙ.ව.11.00 ට සිදුකරනු ලබන අතර, ලංසු කරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.
06. මෙම ලංසු කැඳවීම සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටළුවක් සම්බන්ධයෙන් කාර්යාල වේලාවන් තුලදි අවශ්‍ය විස්තර අමාත්‍යාංශ කාර්යාලයෙන් දුරකතන අංක 045 -2222542, ෆැක්ස් 045-2228042 සහ ඊමේල් edusabaram@gmail.com මගින් ලබා ගත හැකිය. ටෙන්ඩර් පත් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ භාර ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති සතු වේ.
පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ ( PSDG ) කර්මාන්ත 28 ක් ඉටුකිරීම
|
අනු අංකය |
වැඩ විස්තරය |
විධායක ඉංජිනේරු කාර්යාලය |
ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු රු. |
ලංසු බැදුම්කර වටිනාකම රු. |
ඉල්ලුම් කල හැකි ලියාපදිංචි ශ්‍රේණිය |
ඇස්තමේන්තුගත වැඩ වටිනාකම රු.මි. |
|
EDS – 01 |
ර/නව නගර කුමර විද්‍යාලයේ තෙමහල් වැසිකිළි පද්ධතිය ඉදිකිරීම |
රත්නපුර |
3,500.00 |
129,000.00 |
C-7 සහ ඉහල |
12.87 |
|
EDS – 02 |
ර/නිවි/කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ 110*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල බිම් මහලේ රැස්වීම්ශාලාව සහිත දෙවන අදියර ඉදිකිරීම |
කලවාන |
3,500.00 |
237,000.00 |
C-6 සහ ඉහල |
23.60 |
|
EDS – 03 |
ර/ඇඹි/හෙළඋඩකන්ද විද්‍යාලයේ පිටාර ජලය බැහැරකිරීම සදහා කාණු ඉදිකිරීම |
ඇඹිළිපිටිය |
2,000.00 |
23,000.00 |
C-9 සහ ඉහල |
2.36 |
|
EDS – 04 |
ර/ඇඹි/බුත්කන්ද විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පිවිසෙන මාර්ගය හා ක්‍රීඩාපිටිය සෝදාපාළුව වැලැක්වීම සදහා පැතිබැම්ම ඉදිකිරීම |
ඇඹිළිපිටිය |
2,000.00 |
32,000.00 |
C-9 සහ ඉහල |
3.23 |
|
EDS – 05 |
ර/ඇඹි/චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ ගුරුවරුන් සදහා වැසිකිළි පද්ධතිය ඉදිකිරීම |
ඇඹිළිපිටිය |
2,000.00 |
25,000.00 |
C-9 සහ ඉහල |
2.55 |
|
EDS – 06 |
ර/අල්මකියා මුස්ලිම් විද්‍යාලයේ ලීටර් 4000 ජල ටැංකිය ස්ථාපිතකිරීම සදහා කුළුණ ඉදිකිරීම |
රත්නපුර |
2,000.00 |
20,000.00 |
C-9 සහ ඉහල |
2.02 |
|
EDS – 07 |
ර/නිවි/ඩීප්ඩීන් දෙමළ විද්‍යාලයේ 130*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල පළමු අදියර ඉදිකිරීම |
කලවාන |
3,500.00 |
217,000.00 |
C-6 සහ ඉහල |
21.73 |
|
EDS – 08 |
ර/ගැටහැත්ත අනුර මහා විද්‍යාලයේ 110*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
රත්නපුර |
3,500.00 |
327,000.00 |
C-6 සහ ඉහල |
32.70 |
|
EDS – 09 |
ර/කිරිපෝරුව විද්‍යලයේ භූ අස්ථාවර වී ඇති ප්‍රදේශයේ යෝජිත පැති බැම්ම ඉදිකිරීම |
රත්නපුර |
3,000.00 |
80,000.00 |
C-8 සහ ඉහල |
8.05 |
|
EDS – 10 |
ර/බල/බුද්ධජයන්ති මහා විද්‍යාලයේ 90*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල හා පරිපාලන ගොඩනැගිල්ල පංතිකාමර ඒ්කක ඉදිකිරීම |
බලංගොඩ |
3,500.00 |
183,000.00 |
C-7 සහ ඉහල |
18.33 |
|
EDS – 11 |
ර/බල/විද්‍යාලෝක මහා විද්‍යාලයේ 90*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල පළමු අදියර ඉදිකිරීම |
බලංගොඩ |
3,500.00 |
220,000.00 |
C-6 සහ ඉහල |
21.99 |
|
EDS – 12 |
කෑ/දෙහි/මුරුත්තෙට්ටුව කණිෂ්ඨ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
53,000.00 |
C-8 සහ ඉහල |
5.35 |
|
EDS – 13 |
කෑ/මාව/අශෝක මහා විද්‍යාලයේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
62,000.00 |
C-8 සහ ඉහල |
6.24 |
|
EDS – 14 |
කෑ/මාව/හල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ 95*25 දෙමහල් පාසල් ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
රඹුක්කන |
3,500.00 |
223,000.00 |
C-6 සහ ඉහල |
22.35 |
|
EDS – 15 |
කෑ/මාව/ගබ්බල සිරිසගබෝ විද්‍යාලයේ 30*20 දෙමහල් ගොඩනැගිල්ල ,පරිගණක විද්‍යාගාරය,බහුමාධ්‍ය ඒ්කකය සමග දෙවන අදියර ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
87,000.00 |
C-8 සහ ඉහල |
8.72 |
|
EDS – 16 |
කෑ/මාව/අල් අසාර් මධ්‍ය මහා විද්‍යාලයේ 110*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම |
රඹුක්කන |
3,500.00 |
144,000.00 |
C-7 සහ ඉහල |
14.46 |
|
EDS – 17 |
කෑ/මාව/තල්ගමුව ඉලංගසූරිය මහා විද්‍යාලයේ ආපදා තත්වයෙන් ආරක්ෂාවීමට පැතිබැම්ම ඉදිකිරීම,ගේට්ටුව සහිත ප්‍රධාන දොරටුව ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
50,000.00 |
C-8 සහ ඉහල |
4.97 |
|
EDS – 18 |
කෑ/මාව/දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලයේ 80*25 තෙමහල් පාසල් ගොඩනැගිල්ල තෙවන අදියර ඉදිකිරීම |
රඹුක්කන |
3,500.00 |
138,000.00 |
C-7 සහ ඉහල |
13.79 |
|
EDS – 19 |
කෑ/දෙහි/දෙහිඕවිට දෙමළ විද්‍යාලයේ සිසුන් සදහා වැසිකිළි පද්ධතිය ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
71,000.00 |
C-8 සහ ඉහල |
7.18 |
|
EDS – 20 |
කෑ/ඇත්නාවල මහා විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම දෙවන අදියර ඉදිකිරීම |
කෑගල්ල |
3,000.00 |
64,000.00 |
C-8 සහ ඉහල |
6.47 |
|
EDS – 21 |
කෑ/ඉල්දමල්පාන මහා විද්‍යාලයේ රැදවුම් බැම්ම හා ගේට්ටුව ඉදිකිරීම |
කෑගල්ල |
3,000.00 |
50,000.00 |
C-8 සහ ඉහල |
4.98 |
|
EDS – 22 |
කෑ/දෙහි/පෙතන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
79,000.00 |
C-8 සහ ඉහල |
7.89 |
|
EDS – 23 |
කෑ/දෙහි/මීගස්තැන්න මහා විද්‍යාලයේ පැරණි ගොඩනැගිල්ල 20*20 සුහුරු පංති කාමරයක් ලෙස දිගුකර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
51,000.00 |
C-8 සහ ඉහල |
5.17 |
|
EDS – 24 |
කෑ/දෙහි/කොස්ගහකන්න මහා විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
79,000.00 |
C-8 සහ ඉහල |
7.91 |
|
EDS – 25 |
කෑ/දෙහි/වෙලංගල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඊ ශිල්පාගාර ගොඩනැගිල්ල දෙවන අදියර ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
80,000.00 |
C-7 සහ ඉහල |
8.07 |
|
EDS – 26 |
කෑ/දෙහි/හුබස්වලාන කණිෂ්ඨ විද්‍යාලයේ40*20 පුස්තකාලය දිගුකර තාක්ෂණික ගොඩනැගිල්ල ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
71,000.00 |
C-8 සහ ඉහල |
7.11 |
|
EDS – 27 |
ර/ඇඹි/ඕමල්පේ විද්‍යාලයේ 07,08 පංතිකාමර ගොඩනැගිල්ල හා ටී හැඩති ගොඩනැගිල්ල 20*20 පංති කාමර තුනක් සහිතව ඉදිකිරීම |
ඇඹිළිපිටිය |
3,500.00 |
139,000.00 |
C-7 සහ ඉහල |
13.87 |
|
EDS – 28 |
කෑ/මාව/බාදීබ්ධියා විද්‍යාලයේ පැති බැම්ම ඉදිකිරීම |
රඹුක්කන |
3,000.00 |
41,000.00 |
C-8 සහ ඉහල |
4.07 |
පාසල් ගොඩනැගිළි පුනරුත්ථාපන වැඩසටහන යටතේ කර්මාන්ත 6 ක් ක්‍රියාත්මකකිරීම (Recurrent)
|
අනු අංකය |
වැඩ විස්තරය |
විධායක ඉංජිනේරු කාර්යාලය |
ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු රු. |
ලංසු බැදුම්කර වටිනාකම රු. |
ඉල්ලුම් කල හැකි ලියාපදිංචි ශ්‍රේණිය |
ඇස්තමේන්තුගත වැඩ වටිනාකම රු.මි. |
|
RE– 01 |
කෑ/මාව/තල්ගමුව ඉලංගසූරිය විද්‍යාලයේ ප්‍රධානශාලාව ප්‍රාථමික අංශය අළුත්වැඩියාකිරීම |
රඹුක්කන |
3,000.00 |
61,000.00 |
C-8 සහ ඉහල |
6.10 |
|
RE– 02 |
කෑ/මාව/බාදිබ්ධියා විද්‍යාලයේ අයි.ඩී.ඒ්. ශාලාව,ප්‍රධාන ශාලාව ලෙස හා පංති කාමර අළුත්වැඩියා කිරීම |
රඹුක්කන |
3,000.00 |
56,000.00 |
C-8 සහ ඉහල |
5.63 |
|
RE– 03 |
කෑ/මාව/ගබ්බල සිරිසගබෝ විද්‍යාලයේ 110*25 + 40*20 එල් හැඩති පේද්‍රිස් අනුස්මරණ ශාලාව අළුත්වැඩියාකිරීම |
රඹුක්කන |
3,000.00 |
90,000.00 |
C-8 සහ ඉහල |
9.01 |
|
RE– 04 |
කෑ/මාව/අල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ශාලා අංක 02 පාසල් ගොඩනැගිල්ල අළුත්වැඩියාකිරීම |
රඹුක්කන |
3,000.00 |
65,000.00 |
C-8 සහ ඉහල |
6.52 |
|
RE– 05 |
ර/ඇඹි/හේයස් දෙමළ විද්‍යාලයේ පවතින ගොඩනැගිල්ල 20*20 පංති කාමර දෙකක් ලෙස දිගුකර ඉදිකිරීම |
ඇඹිළිපිටිය |
3,500.00 |
111,000.00 |
C-7 සහ ඉහල |
11.12 |
|
RE– 06 |
කෑ/දෙහි/ගලපිටමඩ වලගම්බා මහා විද්‍යාලයේ 80*20 ගොඩනැගිල්ල වහල අළුත්වැඩියා කිරීම |
දෙහිඕවිට |
2,000.00 |
39,000.00 |
C-9 සහ ඉහල |
3.88 |
අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය
(පළාත් පාසල්) යටතේ කර්මාන්ත 01 ක් ඉටුකිරීම
|
අනු අංකය |
වැඩ විස්තරය |
විධායක ඉංජිනේරු කාර්යාලය |
ආපසු නොගෙවන ටෙන්ඩර් ගාස්තු රු. |
ලංසු සුරක්ෂණ වටිනාකම රු. |
ඉල්ලුම් කල හැකි ලියාපදිංචි ශ්‍රේණි |
ඇස්තමේන්තුගත වැඩ වටිනාකම රු.මි |
|
EDM-Primary -01 |
කෑ/දෙහි/වහරක ප්‍රාථමික විද්‍යාලයේ 40*25 (12.60*6.45) ගොඩනැගිල්ල අළුත්වැඩියාකිරීම හා නව වැසිකිළියක් ඉදිකිරීම සහ පැතිබැම්ම ඉදිකිරීම |
දෙහිඕවිට |
3,000.00 |
79,000.00 |
C-8 සහ ඉහල |
7.86 |
07. සියළුම ලංසු 2026.05.20 දින දක්වා වලංගු විය යුතුය.
08.මෙම සියළු කර්මාන්තයන්ට අදාල පූර්ව ලංසු සාකච්ඡාව 2026.02.12 දින පෙ.ව.10.30 ට සබරගමුව පළාත් සභා සංකීර්ණයේ පළමු මහළේ පිහිටි අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පවත්වනු ලැබේ. ලංසු කරුට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට එම අවස්ථාවට සහභාගී විය හැකිය.පූර්ව ලංසු සාකච්ඡා තීරණ ඉහත වෙබ් අඩවි දෙක මගින් පමණක් ප්‍රසිද්ධ කරණු ලැබේ.
බී.ඒ.සී.පී.බමුණුආරච්චි
සභාපති
ප්‍රසම්පාදන කමිටුව,
ලේකම්
2026.02.06 අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව,
නව නගරය, රත්නපුර
පුවත්පත් දැන්වීම