1. Home
  2. Notifications

ksfõok

Posted On: 2026-11-09

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම - 2026/2027

 

                                                                   

සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට

බඳවා ගැනීම සඳහා විවෘත පදනම මත අයදුම්පත් කැඳවීම - 2026/2027

 

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට අධ්‍යාපනවේදී උපාධිධාරීන් පාසල් පාදකව බඳවා ගැනීම පිණිස සබරගමුව පළාතේ ස්ථිර පදිංචි අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ප්‍රාථමික හා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විෂයන් සඳහා මෙම බඳවා ගැනීම සිදු කරනු ලැබේ. ඒ සඳහා අදාළ වන සම්පූර්ණ නිවේදනය හා අයදුම්පත්‍රය සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.sg.gov.lk හි පළ කර ඇත.

ඒ අනුව, සුදුසුකම් සම්පූර්ණ කරන ලද සියලුම අයදුම්කරුවන් සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිස සම්පූර්ණ නිවේදනයෙහි සඳහන් උපදෙස් සැලකිල්ලට ගෙන, අදාළ අයදුම්පත යොමු කිරීමට කටයුතු කරන ලෙස මෙයින් නිවේදනය කර සිටිමි.

අයදුම්පත් මාර්ගගතව යොමු කළ හැකි අවසාන දිනය 2026.12.09 වේ.

සම්පූර්ණ නිවේදනය පහතින් බාගත කර ගන්න.
අයදුම්පත්‍රය පිවිසීමට පහත යොමුව භාවිතා කරන්න.

https://moe.sg.gov.lk/teacher-recruitment/apply

 

නිවේදනය

බාගත කිරීම්

Announcement

බාගත කිරීම්