ksfõok


Posted on 2023-10-25


ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024


ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024

සබරගමුව පළාතේ පාසල් වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී හා අධිසේවක පදනම මත බඳවා ගත් නිලධාරීන්ගෙන් 2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවනු ලැබේ.

02. ඒ අනුව දැනට, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I,II හා III ශ්‍රේණි වල වර්ථමාන සේවා ස්ථානයේ සේවා කාලය වසර 05ට වැඩි නිලධාරීන් අනිර්වාර්යෙන් අයදුම්පත් යොමු කළ යුතුය. අවුරුදු 05ට වැඩි නිලධාරීන් අයදුම්පත් යොමු නොකළද ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට යටත් වන බැවින්, සේවා ස්ථාන ගැලපීමේ දී, ස්ථාන මාරු මණ්ඩලය මඟින් නම් කරන සේවා ස්ථානයකට ස්ථාන මාරු කරනු ලැබේ. සේවා කාලය වසර 02 වඩා වැඩි නිලධාරීන්ට ද ස්ථානමාරු අයදුම් කළ හැකි අතර ප්‍රමුඛතාවය හිමි වන්නේ වැඩි සේවා කාලයක් හිමි නිලධාරීන්ටය.

03. අයදුම්කරුවන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශය සහිතව 2023.11.15 දිනට පෙර ලේකම් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ යුතුය. ස්ථාන මාරු අයදුම්පත්‍රය මෙම නිවේදනයේ ඇමුණුම 01 මඟින්www.moe.sg.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.

04. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා සබරගමුව පළාතේ සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇමුණුම 02 හි සඳහන් ආකෘතියට අදාළ තොරතුරු සම්පූර්ණ කර 2023.11.15 දිනට පෙර අනිවාර්යෙන් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය. නිවැරදි හා යාවත්කාලීන කරන ලද තොරතුරු මා වෙත ඉදිරිපත් කිරීම සියළුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ වගකීමක් වන අතර ඇමුණුම 02 හි සඳහන් ආකෘතියට අනුව ම තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර එම ආකෘතියෙන් පරිබාහිරව ඉදිරිපත් කරන තොරතුරු භාර නොගන්නා බවත් කාරුණිකව දන්වමි.

05. තව ද,අයදුම්පත් කැදවන ලබන දින වන 2023.10.25 දින සිට සබරගමුව පළාත තුළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ අභ්‍යන්තර ස්ථාන මාරු ක්‍රියාවලිය අත්හිටුවන අතර ස්ථාන මාරු මණ්ඩල තීරණ ප්‍රකාශයට පත් කරන තුරු අභ්‍යන්තර ස්ථානමාරු සිදු නොකරන බව වැඩිදුරටත් දන්වමි.

බී.ඒ.සී.පී.බමුණුආරච්චි,
ලේකම්,
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සබරගමුව පළාත් සභාව.
2023/10/25

ඇමුණුම - 1 - ස්ථාන මාරු අයදුම්පත්‍රය

Download

kj;u mqj;a 2023-10-25 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර් ෂික ස්ථාන මාරු වීම් සඳහා අයදුම්පත් කැදවීම - 2023/2024
2023-10-24 - Limited Basis Recruitment of Sri Lanka Principals Service, Grade III – 2019 Stage II (2023) - Sabaragamuwa Province
2023-10-23 - Amendment Notice - 2 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-18 - Amendment Notice - 1
Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - G.C.E. A/L & 13 Years Guaranteed Education Program
2023-10-13 - Sri Lanka Teaching Service Grade 3-I(a) - Recruitment - 2023 - Primary & G.C.E. O/L
2023-10-09 - අධ්‍යාපන සංවර්ධන වැඩසටහන PSDG) යටතේ ව්‍යාපෘති 18 ක් ඉටුකිරීම සදහා මිළ ගණන් කැඳවනු ලැබේ
2023-08-21 - සබරගමුව පළාතේ පළාත් පාසල් වල විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය සංශෝධනය කිරීම.
2023-07-21 - මුදල් අයකර පෞද්ගලික පන්ති පැවැත්වීම/ගුරුවරුන්ගේ විනය සම්බන්ධවයි.
2023-06-22 - සබරගමුව පළාතේ පාසල් වල විදුහල්පති පුරප්පාඩු ලේඛනය-2023