wOHdmk mqj;a


Posted on 2022-02-22


සබරගමුව නව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්

සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නව අමාත්‍යංශ ලේකම් ලෙස සුජානි රසාංගිකා විජේතුංග මහත්මිය 2022/02/21 දින සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා අතින් පත්වීම ලබා ගත්තේය. සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් මෙම පත් කිරීම සිදුකර ඇත.

මීට පෙර එච්. ඩී. සිසිර මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද, සුජානි රසාංගිකා විජේතුංග මහත්මිය උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත. සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන.තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි කටයුතු නිරීක්ෂණයට ද මෙදින (21) එක්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතා,නව ආණ්ඩුකාර ලේකම් එච්. ඩී. සිසිර මහතා,ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර මහතා,ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල මහත්මිය හා පළාත් අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන නෙවිල් කුමාරගේ මහතා,ප්‍රධාන ගණකාධිකාරී මොහොමඩ් අලි මහතා, ජේෂ්ඨ සහකාර ලේකම් (වැ.බ.) රවීන්ද්‍රා මාලනී මහත්මිය,සහකාර ලේකම් මනෝරි ගුණවර්ධන මහත්මිය,නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන මිලිදු රත්නායක මහතා,පරිපාලන නිලධාරී හිමාලි ගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.