wOHdmk mqj;a


Posted on 2022-10-19


විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර සාකච්ඡාවක් අද (2022/10/19) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

එහිදී පළාතේ අධ්‍යාපන පද්ධතිය හා බැදී පවතින මානව හා භෞතික සම්පත් පිළිබඳව සාකච්ඡාවට ලක් විය. අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ගුරු සේවය ඇතුළු සියලු කාර්‍යය මණ්ඩල නිවැරැදි ලෙස තුලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී උපදෙස් දෙනු ලැබීය. භෞතික සම්පත් සංවර්ධනයේ දී අගතියකින් තොරව සියලු ප්‍රදේශ සදහා ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, ,පළාත් අමාත්‍යංශය වෙනුවෙන් පළාත් අධ්‍යාපන,තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සුජානි විජේතුංග, ජේෂ්ඨ සහකාර ලේකම්( වැ.බ.)රවීන්ද්‍රා මාලනී,ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ,ප්‍රධාන ගණකාධිකාරී මොහොමඩ් අලි,ක්‍රමසම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂ මිලිදු රත්නායක,සහකාර ලේකම් මනෝරි ගුණවර්ධන,පරිපාලන නිලධාරී හිමාලි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙනුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි,අතිරේක පළාත් අධ්‍යක්ෂවරු,විෂයභාර නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂවරු,සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා සියලුම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහභාගී විය.