wOHdmk mqj;a


Posted on 2022-05-30


පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්ෂ

පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්ෂ

සබරගමු පළාත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්ෂ ලෙස එස්.ජේ.යූ.බී.කෝරළගේ මහතා ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පත් කරනු ලැබීය. ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය අද(2022/05/30) රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා විසින් එස්.ජේ.යූ.බී.කෝරළගේ මහතාට ප්‍රදානය කරන ලදී.

සබරගමු පළාත් පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය සබරගමු පළාත් සභාව මඟින් ප්‍රඥප්තිය සම්මත කරගත් අධිකාරියක් වේ. රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ක්‍රියාත්ම සියලුම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නියාමන හා අධික්ෂන මේ යටතේ සිදු කරයි. එහි සභාපතිවරයා ලෙස නිල බලයෙන් පළාත් අධ්‍යාපන ලේකම් පත් වන අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයක් ද ක්‍රියාත්මකය. මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ අධක්ෂකවරියක ලෙස කටයුතු කල හිරෝශි ගුණවර්ධන මහත්මිය අධ්‍යාපන ප්‍රකාශන නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වීම් පසුව මෙම පුරප්පාඩුව ඇති විය. එස්.ජේ.යූ.බී.කෝරළගේ මහතා මෙම තනතුරට අමතරව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තාම්නතුවේ ප්‍රාථමික හා පෝෂණ විෂයභාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, පළාත් අධ්‍යාපන ලේකම් සුජානි විජේතුංග, සහකාර ලේකම් මනෝරී ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගී විය.