wOHdmk mqj;a


Posted on 2022-04-19


පළමු ශ්‍රේණියට සිසුන් බදවා ගැනීමේ උත්සවය

පාසල් සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අද (19) සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මාටුවාගල විද්‍යාලයේ දී පැවැත්විණි. 2021 වර්ෂයේ දී 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ විශිෂ්ටත ම සමස්ත ප්‍රතිඵලය ලබා ගැනීමට මාටුවාගල විද්‍යාලයට හැකිවුණි. මාටුවාගල විද්‍යාලයේ සිසුන් 500කට ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් 30කට ආසන්න පිරිසක් සේවය කරයි. මෙම වැඩසටහන සමගාමීව විද්‍යාලය සදහා ඉදි කරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමද සිදු විය.

මෙදින පළමු ශ්‍රේණිය සදහා සිසුන් 39 දෙනෙකු බදවා ගත් අතර එම සිසුන් සදහා පොල් පැල ලබා දීම ද මෙහි දී සිදු කෙරුණු අතර රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක වුණි. 2021 වර්ෂයේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම සදහා කැප වූ ගුරුවරුන් සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය ද, සියළුම ප්‍රාථමික ශ්‍රේණි දුවා දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම ද පළාත් ආණ්ඩුකාරතුමන් අතින් මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්,අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වයි.එම්.එම්.එස්.යාපා, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුජානි විජේතුංග, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි,පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ,පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ප්‍රාථමික විෂයභාර අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර, මාටුවාගල විද්‍යාලයේ විදුහල්පති එච්.ටී.චතුරංග තිලකගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.