ixj¾Ok mqj;a


Posted on 2022-11-17


ඉවත දැමූ අබලං ඩෙස් පුටු නවීකරණය කිරීමේ වැඩසටහන

රත්නපුර ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සදහා ඩෙස් පුටු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ (2022/11/17) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ඇලපාත ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වුණි. මෙය ඇලපාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණි.

ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 07කින් ලබා ගත් භාවිතයට ගත නොහැකි ලෙස අබලන් වූ ඩෙස්, පුටු නැවත අළුත්වැඩියා කොට ඇලපාත අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 22ක් සදහා බෙදා දීම මෙහිදී සිදු විය. මෙහිදී සිසු පුටු 215 ක්, මේස 101 ක් ද, ප්‍රාථමික ශ්‍රේණි සදහා වූ පුටු 190 ක් සහ මේස 53 ක් ද බෙදා දෙනු ලැබීය. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් මේ වන විට රුපියල් මිලියන 27 ක ඉතිරියක් රජයට ලබා දීමට හැකියාව ලැබී ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර මහතා, ප්‍රේමලාල් ජයසේකර මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලේකම් සුජානි විජේතුංග මහත්මිය, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ මහතා,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.