ixj¾Ok mqj;a


Posted on 2022-12-22


කුලරත්න මධ්‍ය විද්‍යාලයට නව ගොඩනැගිලි සහ ක්‍රීඩා පිටියක්

ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය සහ ක්‍රීඩා පිටිය ඊයේ (2022/12/22) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සිසු අයිතියට පත් කරනු ලැබීය. මෙදින (22) සිසු අයිතියට පත් වූ පංති කාමර වලින් තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සදහා සබරගමු පළාත් සභාව වැයකල මුදල රුපියල් ලක්ෂ 590කි.

නවීකරණය කරන ලද ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයට වැය වූ මුදල රුපියල් ලක්ෂ 100 කි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා, ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත බණ්ඩාර, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ නෙවිල් කුමාරගේ, කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රංජිත් ඉලප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.