ixj¾Ok mqj;a


Posted on 2021-03-25


ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලයට නව ගොඩනැගිලි සංකීර්ණයක්

බලංගොඩ ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාල පරිශ්‍රයේ ඉදි කල නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අද (25/03/2021) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සිසු අයිතියට පවරනු ලැබීය. රුපියල් ලක්ෂ 247 ක් වැය කර ඉදිකල මෙම ගොඩනැගිලි සංකීර්ණය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයකින් සහ පංති කාමර 08කින් යුක්තය. මීට වර්ෂ 141කට පෙර බලංගොඩ ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලය ආරම්භ කර ඇති අතර මේ වන විට දරු දැරියන් 520 ක් අධ්‍යාපනය හදාරන අතර ගුරු භවතුන් 51 ක් සේවයේ නිරත වී සිටී. 01-13 දක්වා මෙහි පංති පැවැත්වේ.
මෙම අවස්ථාවට ඉඹුල්පේ ප්‍රාදේශිය සභා සභාපති ශ්‍රීලාල් සෙනරත්, පළාත් අධ්‍යාපන ලේකම් රුක්මණි ආරියරත්න, අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) නෙවිල් කුමාරගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) මිලිදු රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ජී. ආරියපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.