ixj¾Ok mqj;a


Posted on 2023-12-15


සබරගමුව පළාත් රාජ්‍ය කලා මහෝත්සවය
2023

සබරගමුව පළාත් රාජ්‍ය කලා මහෝත්සවය - 2023
සබරගමුව පළාත් රාජ්‍ය කලා මහෝත්සවය දී සාහිත්‍ය හා කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කල කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ පස් දෙනෙකු උදෙසා අද (2023/12/15) දින සබරගමු ලලිත කලාපති ස්වරණ සම්මානය ප්‍රදානය කරනු ලැබීය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය ගරු සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනිතිඥ නවීන් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

මහාචාර්ය පී.එම්.කරුණාරත්න බණ්ඩාර, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනිල් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිරිල් මීගම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගුණපාල විතානගේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුනිල් විදානගේ යන මහත්ම මහත්මීන් සබරගමුව ලලිත කලාපති ස්වර්ණ සම්මානයෙන් මෙලෙස පිදුම් ලැබීය.

මීට අමතරව 2023 වර්ෂයේ ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාබාලතම බෙර වාදන ශිල්පියා ලෙස ජනාධිපති සම්මාන හිමි කර ගත් යොමාල් යශෝධ බණ්ඩාර සිසුවාද මෙහිදි සම්මානයට පාත්‍ර විය.
මීට අමතරව පාසල් මට්ටමින් පැවති සිංහල, දෙමළ, ඉංග්‍රිසි මාධ්‍ය ගද්‍ය, පද්‍ය, රචනා, කෙටිකතා, සම්ප්‍රදායික චිත්‍ර, ප්‍රකාශන චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර සඳහා ද මෙහිදී සම්මාන පිරිනැමුණි.
එමෙන් ම විවෘත අංශයෙන් පැවති සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් වූ කෙටිකතා, අත්පිටපත්, පද්‍ය නිර්මාණ, ගීත රචනා වෙනුවෙන් ද සම්මාන ප්‍රදානය සිදු විය.
ඊට අමතරව රාජ්‍ය සේවක සාහිත්‍ය නිර්මාණ තරගයට එක් වූ සිංහල, දෙමළ, ඉංග්‍රිසි කෙටි කතා, පද්‍ය සහ ගීත නිර්මාණ සදහා ද සම්මාන හිමි විය.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ අන්තර් කලායතන නර්ථන හා සංගීත තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ද මෙහිදී සම්මාන පිරිනැමිණි.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පැවැත් වූ සමස්ත ලංකා නර්ථන, චිත්‍ර සහ සංගීත තරගාවලියේ දී ජයග්‍රහණය කල ගුරුභවතුන් සහ දරුවන් සදහා ද ඇගයීම් සහ සහතික පත්‍ර ප්‍රදානයද මෙදින සිදු විය.
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් මෙය සංවිධානය කර තිබුණි.